දස්කම් දැක්වූ යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇගයීම්

Recent Posts

ඔලිම්පික් කාන්තා ක්‍රීඩා ඉසව් ජෛව විද්‍යාත්මක කාන්තාවන්ට පමණක් සීමා වෙයි

March 26, 2026

එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන කෙටියෙන්

March 23, 2026

යුද්ධය හේතුවෙන් පැන නැගී ඇති බලශක්ති අර්බුදය: අභියෝග සහ විසඳුම්

March 22, 2026

සාමය සහ සහෝදරත්වයේ උත්සවය: ඊද් අල්-ෆිතර් (Eid al-Fitr)

March 21, 2026

ඉන්දියාවේ රංචිහිදී  පැවති 4 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේදී දක්ෂතා දැක්වූ, ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ (30) යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතාව යුද හමුදා මූලස්ථානයේදී හමුවු වී ඇත.

ඉකුත් 24 වැනිදා සිට තෙදිනක් පුරා පැවති   මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  සහභාගීවු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 59 දෙනාගෙන් 30 දෙනෙක් යුද හමුදාව නියෝජනය කරනු ලැබුවා.

රන් පදක්කම් 12ක්, රිදී පදක්කම් 8ක් සහ ලෝකඩ පදක්කම් 7ක් දිනා ගනිමින් සමස්ත පදක්කම් 27ක් යුද හමුදාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනා ගැනීමට සමත්වුණා.

යුද හමුදාපති තුමාගේ  සුභ පැතුම් සමඟ, මිලියන හයකට අධික විශේෂ මූල්‍ය පරිත්‍යාගයක් ඔවුන්ගේ අනාගත ක්‍රීඩා අභිවෘද්ධිය වෙනුවෙන්  සිදු කර තිබේ.

දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 දෙනෙකුට  ඔවුන්ගේ ඊළඟ නිලය සඳහා උසස්වීම් ප්‍රදානය කිරීම  යුද හමුදාපති තුමා විසින් සිදුකරනු ලැබීය.

Live Now - Don't Miss Out!
Watch Live