කිසිඳු බලපෑමකට යටත් නොවී රාජකාරිය ඉටු කරන්න – ජනපති

Recent Posts

ඔලිම්පික් කාන්තා ක්‍රීඩා ඉසව් ජෛව විද්‍යාත්මක කාන්තාවන්ට පමණක් සීමා වෙයි

March 26, 2026

එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන කෙටියෙන්

March 23, 2026

යුද්ධය හේතුවෙන් පැන නැගී ඇති බලශක්ති අර්බුදය: අභියෝග සහ විසඳුම්

March 22, 2026

සාමය සහ සහෝදරත්වයේ උත්සවය: ඊද් අල්-ෆිතර් (Eid al-Fitr)

March 21, 2026

කිසිඳු බලපෑමකට යටත් නොවී තම රාජකාරිය ඉටු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දකුණු පළාත් උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දකුණු පළාතේ පොලිස් ප්‍රධානීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (18) පැවැති සාකච්ඡාවකදීයි.

පොලීසියේ රාජකාරි සිදුකිරීම සඳහා දේශපාලන අධිකරිය ලෙස පහසුකම් සැපයීමට තම රජය කටයුතු කරන බවද ඒ මහතා මෙහිදී කියා සිටියා.

ඔහු පෙන්වා දෙන්නේ රටේ මුලික නීතියට සියලු දෙනා යටත් විය යුතු බවත් එම නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම පොලිස් දෙපාර්තමේන්තුවට පැවරෙන බවත්ය.

සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සම්බන්ධ වාර්තා පිළිබඳ දකුණු පළාතේ උසස් පොලිස් නිලධාරීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබූ අතර, අපරාධ මර්දනයට අදාළව ගත හැකි සියලු ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට දෙනු ලැබුවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම සාකච්ඡාවේදී නිලධාරීන්ට උපදෙස් දුන්නේ බලපෑම්වලින් තොරව පුරවැසියාගේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරන ලෙසයි.

Live Now - Don't Miss Out!
Watch Live