දස්කම් දැක්වූ යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඇගයීම්

Recent Posts

අධික වැසි සහිත කාලවලදී සෞඛ්‍ය තත්ත්වය රැකගමු

November 26, 2025

වැසි සහිත කාලගුණය තවදුරටත්

November 25, 2025

2026 පාපන්දු ලෝක කුසලාන සුදුසුකම් ලැබීම්

November 16, 2025

මැතිසබේ මන්ත්‍රී මාජරී ටේලර් ග්‍රීන් එප්ස්ටයින් ලිපිගොනු මුදා හැරීමට නැවතත් ඉල්ලා සිටියි

November 16, 2025

ඉන්දියාවේ රංචිහිදී  පැවති 4 වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේදී දක්ෂතා දැක්වූ, ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ (30) යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතාව යුද හමුදා මූලස්ථානයේදී හමුවු වී ඇත.

ඉකුත් 24 වැනිදා සිට තෙදිනක් පුරා පැවති   මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  සහභාගීවු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 59 දෙනාගෙන් 30 දෙනෙක් යුද හමුදාව නියෝජනය කරනු ලැබුවා.

රන් පදක්කම් 12ක්, රිදී පදක්කම් 8ක් සහ ලෝකඩ පදක්කම් 7ක් දිනා ගනිමින් සමස්ත පදක්කම් 27ක් යුද හමුදාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනා ගැනීමට සමත්වුණා.

යුද හමුදාපති තුමාගේ  සුභ පැතුම් සමඟ, මිලියන හයකට අධික විශේෂ මූල්‍ය පරිත්‍යාගයක් ඔවුන්ගේ අනාගත ක්‍රීඩා අභිවෘද්ධිය වෙනුවෙන්  සිදු කර තිබේ.

දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 දෙනෙකුට  ඔවුන්ගේ ඊළඟ නිලය සඳහා උසස්වීම් ප්‍රදානය කිරීම  යුද හමුදාපති තුමා විසින් සිදුකරනු ලැබීය.

Live Now - Don't Miss Out!
Watch Live